නියෝජ්‍ය විදුහල්පති පණිවිඩ
මාර/දෙනගම මහා විද්‍යාලය.

මුලටියන අධ්‍යාපන කලාපයේ දෙනහම සුන්දර වැව් කොමලිය ඉස්මත්තේ පිහිටි පුංචි කඳු ගැටයක මුදුනයෙහි පින්සාර භුමි භාගයක පිහිටා තිබෙන මාර/දෙනගම මහා විද්‍යාලය විවිධ දුෂ්කරතා මැද අකුරට එන දූ පුතුන්ගේ ක්ෂේම භූමියකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර කිහිපය පුරා මානව හා භෝතික වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන ඇත.අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
එන්.චන්දනයක
නියෝජ්‍ය විදුහල්පති
මාර/දෙනගම මහා විද්‍යාලය.