පාසල් ගීතය.
දෙනගම මහ විදුහල අපගේ පොදු උරුමය ඔබම තමා
ඔබ නිති හද තුල බැතියෙන් නමදිමු නමදිමු සිරස නමා....//
අප හැම හදවත් විදුකිරනින් ඔබ එක ලෙස එළිය කළා
නැණ ඇස පාදා විදුනැණ ගෙනදී පෙදෙසම පුබුදු කළා
ඔබ කිතුගොස අද දස දෙස පතළව විහිදී සුවඳ කළා
දෙනගම මහ විදුහල ....//
එදා මෙදා තුළ ඔබ කළ සේවය හොඳ නම පැතිරෙන්නා
හෙළ දෙස රැස බස නිති සුරකින අප සමදා රැක දෙන්නා
දස දහසක් වස් මතු ඔබ වොරැඳේ කිතු ගොසිනා //
දෙනගම මහ විදුහල ....//