භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
      • පාසල් වෙබ් අඩවියේ ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  • පාසල් වෙබ් අඩවියේ ඉතිහාසය
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

                        දකුණු ලක මාතර නගරයෙන් 26 km ක් ඈතින් පිහිටි ගමක වැව ඉස්මත්තේ මනහර කඳු ගැටයක නිර්මාණය කරන ලද්දකි දෙනගම මහා විදුහල.හක්මණ මිද්දෙනිය ප්‍රදාන මාර්ගයේ මුලටියනට දිවෙන තුංමං හන්දිය අසල මෙම විදුහල පිහිටා ඇත.

                         ගමනාගමනය ඉතා ශුභදායකයි. වැව් පියස පිස ගෙන එන පිරිසිදු වාතය විදුහල් භුමිය සිසාරා නිතර හමා එයි. පළමු වසරේ සිට අ.පො.ස.( උ.පෙ.) දක්වා පන්ති පැවත් වේ.ඉගනුම ලබන සිසු දරු දැරියන් 200 ක් පමණ වේ.මෙම පාසලට වසර සියය ඉක්මවා යන ඉතිහාසයක් පවතී.

                                 ප්‍රථමයෙන් පොල් අතු සෙවෙලි කල කටු මැටි ගැසූ ආඩි 40x20 කුඩා ගොඩනැගිල්ලක 1882 වප් මස 19 වන දින ප්‍රදේශවාසී ගම්වැසියන්ගෙන් ආරම්භ විය.සරනේලිස් ගුරු මහතා එහි මුල් ගුරුවරයා විය.එවිට ළමයින් විසි තුන් දෙනෙකුගෙන් ආරම්භ කල මෙම විදුහල පසුව දෙනගම බටහිර ජ්‍යෙෂ්ට පාටශාලාව නමින් හඳුන්වන ලදී. පසුව මෙම ගොඩනැගිල්ල 100x20 ගොඩනැගිල්ලකට පරිවර්තනය විය.දෙනගම,බඩබද්ද ,මීඇල්ල ,පල්ලාවෙල සහ වේපතඉර ගම්වාසීන්ගේ දරුවන්ට සිප් සතර දුන් කෙම්බිමකි මේ විදුහල.

                                                            

                                    වසර 1936 සිට විදුහල්පති ධූරය හෙබවූ බලපිටියේ පී.එච්.සී. ද සිල්වා මහතාගේ අප කැප වීම නිසා විද්‍යාලයට ඉතාමත් අභිමානයක් ලබා දුන් බව විද්‍යාලීය ඉතිහාසය සාක්ෂි දරයි.ඔහුගේ කාලයේ ඉගනුම ලබූවන් රජයේ උසස් තනතුරුද හොබවන අතර විශ්‍රාමිකව ද වේ .ඉන්පසු 1956 ජේ.ඩබ්.කරුණාරත්න මහතා විදුහල්පති ධුරය හෙබ විය.ඔහුගේ සේවා කාලය ඉතාම කෙටිය.ළමා පිරිස වැඩි විය.80x20 ගොඩනැගිල්ලක් විදුහල් භුමිය තුල ඉදිවිය.ඉතාම අවාසනාවන්ත ලෙස සේවය කරමින් සිටියදීම එතුමා මරණයට පත් විය.1958 එච්.එල්.අබේවර්ධන මහතා විදුහල්පති ධුරයේ කටයුතු කළේය. එකල ගුරු විදුහලෙන් පැමිණි ගුරු භවතුන් දෙදෙනෙකුගෙන් අප්‍රතිහත ධෛරය මත පාසල පෙර තත්ත්වයෙන්ම රඳවා ගති.
                   1963 අබේවර්ධන මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මිරිස්සේ සිට පැමිණි වර් නකුලසුරිය මහතා විදුහල්පති ධූරයට පත් විය. ඉන්පසු මාතර නිමල් ජේ. ගමගේ මහතා විදුහල්පති ධූරයට පත් විය.ඔහුගෙන් පාසලට නව ජීවයක් ලැබුණි.විදුහල් පියස තුල තවත් ගොඩනැගිලි දෙකක් ඉදිවිය. ඉගනුම ලබන සිසුන් ගණන සීග්‍රයෙන් වැඩි විය.
                          1968 ඔහු විදුහලෙන් මාරු වී යාමත් සමඟ මෙම පාසල ද්විතියික විද්‍යාලයක් බවට කරන ලදී.එහි ප්‍රථම විදුහල්පති වුයේ එවකට මාතර රාහුල මහා විද්‍යාලයේ ගුරුවරයෙකුව සිට හක්මන කෝංගල පදිංචි ඩී.ජේ.රත්නායක මැතිතුමාය. ඔහු විද්‍යාලයේ අ.පො.ස. (උ.පෙ.)පන්ති ආරම්භ කොට දෙනගම ප්‍රදේශයේ දරුවන්ට සරසවි අධ්‍යාපනය ලැබීමට මං සැලසීය.ඔහුගේ මෙම විද්‍යාලයේ සේවා කාලය වසර දෙකකි.ඔහු හා/බෙලිඅත්ත මහා විද්‍යාලයට මාරු කරන ලදී.අනතුරුව ඔහු පසු කාලයේ අකුරැස්ස මලිදුව කොට්ටාශ භාර නියෝජ්‍යඅධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය හෙබ වූ බෙන්ජමින් මුදුගමුව ආරච්චි මහතා 1970 ජනවාරි මස විදුහල්පති ධුරයේ වැඩ බාර ගත්තේය.එතුමා ආරම්භ කල අ.පො.ස.(උ.පෙ.)පන්තියෙන් 1972 සිසු දරුවන් හත් දෙනෙක් සරසවි වරම් ලබා ගති.
                ඉන්පසු පී.ජයවර්ධන මහතා, වී.පී.ආරියදාස මහතා, චාල්ස් විජේසිංහ මහතා, එම්.ඒ.චන්ද්‍රසිරි මහතා විදුහල්පති ධුරයේ කටයුතු කරන ලදී.
                                  2010 සිට විද්‍යාලයේ විදුහල්පති ලෙසින් සේවය කල එස්.සුරියබණ්ඩාර මහතා 2017 දී විශ්‍රාම ලැබූ අතර එතුමා විදුහලේ භෞතික පරිසරය හා මානව සම්පත් ගොඩනැගීමට කල සේවය අමරණිය වේ.ඉන්පසු විදුහල්පති ලෙස එස්.ජේ.සරත් මහතා කටයුතු කරන අතර ගුණාත්මක විද්‍යාලයක් අරමුණු කොට ගනිමින් විද්‍යාලයීය ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීමටත් ප්‍රියජනක ඉගැනුම් වටපිටවක් සහිත පාසල් පිරියතක් ගොඩ නැගීමටත් කටයුතු සිදු වෙමින් පවතී.ශාලා නවීකරණය හා අලුත්වැඩියා, ආපදා ස්ථාන සඳහා ආරක්‍ෂිත සැලසුම් ක්‍රියාත්මක කිරීම වසර තුල කෙරෙන කටයුතු අතර ප්‍රධාන තැනක් ගනී.  

 

 

                             

DENAGAMA M.V

මාර/ දෙනගම මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • :  
  • Mr/Denagama.M.V , Denagama , West, Hakmana.

: (+94)412287823

: [email protected]

Supported By

© 2026 DENAGAMA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk